+94 11 4369612
info.lmfpa@microfinance.lk
Helpline 071 832 00 00
Facebook
YouTube
Lanka Microfinance Practitioners' Association
  • Home
  • About Us
    • Our Management
  • Membership
  • Publications
  • Resources
  • Careers
  • Contact

බාධක බිඳ වාසනාව සොයාගිය චන්ද්‍රලතාගේ ජීවන අරගලය

March 30, 2021adminSuccess Stories

මගේ නම කේ ආර් චන්ද්‍රලතා. මම පදිංචි තිස්සමහාරාම මහසෙන්පුර ගමෙයි. මහසෙන්පුර ජනශක්ති බැංකු සංගමයේ සඳගිරිගම ප්‍රබෝධා කාන්තා සමිතියේ සාමාජිකවක්. ඒ4 මගේ කුඩා කන්ඩායමයි. මගේ උපන්ගම ගඟසිරිපුරයි. මම සහෝදර
සහෝදරියන් 4 දෙනෙක්ගෙන් යුත් පවුලේ බාලයා විය. දෙමව්පියන්ගෙන් දැඩි බලපෑමක් එල්ල නොවීමත් මගේ ආර්ථික අපහසුතාවනුත් නිසා ඉගෙනීමට වැඩි කැමැත්තක් නොදැක්වීය. 8 වන ශ්‍රේණය දක්වා පමණක් අධ්‍යාපනය ලැබීය. නිවසේ තිබූ
ආර්ථික අපහසුතා මඟහරවා ගැනීම සදහා මව සමඟ කුලී වැඩට ගියෙමි. දෙමව්පියන්ගේ දැඩි විරෝධය මැද මම විවාහ වුනෙමි. නමුත් විවාහ දිවියේ සතුට සැනසීම විඳගැනීමට හැකිවූයේ ටික කලකි. මම පණ මෙන් ආදරය කළ සැමියා වෙනත් කාන්තාවකගේ නීත්‍යානුකූල සැමියාව සිටින බව මට දැන ගන්නට ලැබුණා. දහසක් බලාපොරොත්තු තබාගෙන ඇතුලුවූ විවාහ දිවිය පිළිකුලක් හා සිත්වේදනාවක් වුණා. නමුත් මට සිදුවූ අසාධාරණයල ලැජ්ජාවල වේදනාව විඳ ගනිමින් ඔහුගේ නීත්‍යානුකූල භාර්යාවට ඔහු භාරදීමට මම තිරණය කළා. නමුත් ඔහු එම පවුල වෙත නොයන්න දැඩි තීරණයක එළඹ සිටියා. ඉන්පසු මම ඔහුට බලපෑමක් කළේ නැහැ. කලින් කල බොහෝ දුෂ්කර අභියෝගයන්ට හැලහැප්පීම්වලට මුහණ දෙන්න සිදුවුණා.

මගේ සැමියා විටින් විට එම බිරිඳ ලඟටත් දරුවන් ලඟටත් ගොස් පැමිණ මට නොයෙක් කරදර කරන්නට වුණා. මේ වන විට මට දරුවෙක් හදාගන්න උවමනාවක් තිබුණා. එම සිහිනයද බිඳදමමින් මට දැනගන්නට ලැබුණේ මගේ සැමියා වන්ද්‍යාකරණ සැත්කමක් කර ඇති බවයි. කුලීවැඩ කරමින් උපයාගත් සියලූ මුදල් යොදවමින් සැමියා එකඟ කරවාගෙන වෛද්‍ය පරීක්‍ෂණයන්ට සහභාගි කළා. නමුත් ඒවා අසාර්ථක වුණා. තව තවත් උත්සාහ කරමින් සියයට එකක ප‍්‍රතිශතයක බලාපොරොත්තුවක් තබමින් නැවත ඔහුට ශල්‍යකර්මයක් සිදු කළා. සියලූ බලාපොරොත්තු සුන් කරගෙන සිටි මොහොතක නොසිතු ලෙස දරු සිහිනය සැබෑ කරමින් 1995 වර්ෂයේ දියණියක ලැබුවා. ඉන්පසු සැමියාද දුවටත් මටත් ආදරය කරන්න පටන් ගත්තා. මේ වන විට අපිට ටිකක් හොඳ කාලයක් ලබා තිබුණා. අද මෙන්ම එදත් අපේ පිහිටට හිටියේ ජනශක්ති බැංකුවයි. රු
1000න් පටන් ගෙන 7500 දක්වා ණය මුදල් ලබාගෙන මගේ නිවස සදාගන්නත් මගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වන අක්කර දෙකක කුඹුරත් මිලදී ගැනීමට හැකියාව ලැබුණේ ජනශක්ති බැංකුවෙන් මා ලබාගත් සංවර්ධන ණය ක‍්‍රමයේ එක් පියවරක් වශයෙනි. ස්වයංරැකියා ණය වශයෙන් මා ලබාගත් රු ලක්‍ෂ දෙකක ණය මුදල යොදවා මිලට ගත් කුඹුර අද වන විට ලක්‍ෂ තිහක වටිනාකම වේ. වගා ණය,  සුපිරි ණය, ස්වයංරැකියා ණය වශයෙන් විටින් විට ණය ලබාගෙන දියුණුවෙන්න අවස්ථාව සැලසුවෙත් ජනශක්තියයි. ඒ සෑම පියවරකම ගෞරවය ජනශක්තියට හිමිවිය යුතුයි.

මෙසේ කාලය ගත කරන අතරතුර මට තවත් දරුවෙක් ලැබෙන්නට ආවා. තවත්  දියණියක් ලැබුණා. එම දියණියට අවුරුදු දෙකයි මාස 6ක් වන විට සැමියා අප අතහැර දමා කලින් බිරිඳ හා දරුවන් ලගට ගියා. දොරක් ජනේලයක් නොමැති ලයිට් එළියක් නැති නිවසක අවුරුදු 9ක දියනියත් කුඩා දියණියත් සමග මම තනිවුණා. කොපමණ ඇඩුවත් වැලපුනත් පිළිසරණක් නැති වුණා. දරු දෙදෙනා ජීවත් කරවන්නත් ඔවුන්ට ආරක්‍ෂාව සලසන්නත් මම ලොකු සටනක නිරත වුණා. ලොකු දියණිය පාසලටත් කුඩා දියණිය අසල්වැසි නිවසකත් තබා කුලීවැඩට යන මම හවස් වන විට භීතියෙන් තැති ගත්තා. ඔවුන්ගේ ආරක්‍ෂාව සලසන්නට නොහැකිව මෙහිදී මම ජනශක්ති බැංකුවෙන් රු 75000ක නිවාස ණය මුදලක් ලබාගෙන දොර ජනෙල් සාදා ගත්තා. එම ණය මුදල ගෙවා අවසන් කරන විට තවත් නිවාස ණයක් අරගෙන ලයිට් ගන්න හැකියාව ලැබුණා. කාන්තා මූලික පවුලක් ලෙස එවකට ජනශක්ති වැඩසටහනින් මට ගඩොල් කැපීම සඳහා ජල ටැංකියක් ලබාදුන්නා.

වැඩිමහල් දියණිය සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 9 සම්මාන සාමාර්ථ 6 ලබාගෙන සමත් වුණා. බාල දියණිය 2017 වර්ෂයේ ඒ 8 යි සී 1ක් ලබා ගනිමින් මහසෙන්පුර මහා විද්‍යාලයේ එම වර්ෂයේ විශිෂ්ඨ සම්මාන ලබාගත් ප‍්‍රථම ශිෂ්‍යාව බවට පත් වුණා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සහ ආර්ථික ප‍්‍රශ්නද මගහරවා ගෙන ජීවත් වෙන්න අවස්ථාව උදාවුණා. තිස්සමහාරාම විහාරය ඉදිරිපිට ඇති කඩ භූමිය මට ඇති තවත් වත්කමකි. එය වැඩිදියුණු කරගැනීමට ලක්‍ෂ හතරක ස්වයංරැකියා ණයක්ද ලබාගත්තෙමි. එම ණයද ගෙවා අවසන් කර වැඩිම කොටස් මුදල් හිමි සාමාජිකාවද මම විමි. අද වන විට සාර්ථක ජීවන මට්ටමකට ලගාවීමට හැකියාව ලැබුණේ නිරන්තරව උදව් කරන ජනශක්ති බැංකුව නිසයි. මෙම වැඩසටහන ආරම්භ කළ මිත‍්‍රරත්න මැතිතුමාටද පිං දෙනවාග අද මම දියණියත් දෙදෙනත් සමග සතුටින් සිටිනවා.

එස් එම් සී ඉවෝනි
මාධ්‍ය නිලධාරිනි – කාන්තා සංවර්ධන මහ සංගමය

wordpress theme by initheme.com

Previous post LMFPA Organizes Virtual Training to build the Capacities of Members Next post Addressing recent protests and negative media reports on microfinance

Recent Posts

  • LMFPA News Bulletin
  • Addressing recent media reports on the visit made by UN Special Rapporteur
  • ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ හරි දිශානතිය.
  • හතර අතේ නොයා ණයක් ගන්නේ කොහොමද?
  • SAMNs new board of Directors

Archives

  • February 2022 (1)
  • December 2021 (3)
  • November 2021 (1)
  • October 2021 (1)
  • September 2021 (1)
  • August 2021 (4)
  • July 2021 (1)
  • June 2021 (7)
  • April 2021 (2)
  • March 2021 (3)
  • February 2021 (1)
  • January 2021 (4)
  • December 2020 (12)
  • October 2020 (2)
  • September 2020 (3)
  • August 2020 (2)
  • May 2020 (1)
  • July 2018 (1)
  • January 2015 (1)

Categories

  • Learning materials (9)
  • News & Events (27)
  • Statistics (1)
  • Success Stories (14)

Lanka Microfinance Practitioners’ Association

LMPA is the pioneer in microfinance networking among microfinance practitioners in Sri Lanka, and was initiated on the 31st of March 2006. The Lanka Microfinance Practitioners’ Association is incorporated as a non-profit organization under the Companies Act No. 7 of 2007.

Useful Links

  • Home
  • About Us
  • Membership
  • Our Management
  • Publications
  • Resources
  • Careers
  • Contact

Contacts

Lanka Microfinance Practitioners' Association
No. 32, Suriyamal Mawatha, Divulapitiya,
Boralesgamuwa,
Sri Lanka
+94 11 4369612
+94 11 2099511
info.lmfpa@microfinance.lk
Copyright © 2022 Lanka Microfinance Practitioners' Association. All rights reserved | Designed & Concept by Deftfino