අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 561, වන මල් උයන ග්‍රාම නිළධාරී වසමේ පෙරියකුලමේ පදිංචිකාරියක් වන ප්‍රියන්ත අබේරත්න යන අය දිරිය කාන්තාවකි. අවුරුදු 29 ක් වන ඇය විවාහක දරුවන් 4 දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයෙකි. එක් දරුවෙක් සසුනට පූජා කිරීමට තරම් ඇය හා ඇයගේ ස්වාමි පුරුෂයා පිංවන්ත විය. 2014 වර්ෂයේ සැප් ශ්‍රී රන්මුතු ග්‍රාමීය සංවිධානයට බැඳුනු ඇය පළමු වටයේදී රු. 30000.00 ක ණය මුදලක් ලබා ගන්නා ලදී. ඒ තුළින් ඇය තම හේන තුල බටු වගාවක් සිදුකරනු ලබනු අතර ඉන් ඉහළ ආදායමක් තම පවුලේ ආර්ථිකයට එක්කර ගැනීමට ඇයට හැකියාව ලැබුණි. තව ද ඉන් අනතුරුව ඇය දෙවනවටයේදී එනම් 2015 වර්ෂයේ දී රු.75000.00 ක ණය මුදලක් ලබා ගන්නා ලදී.
එම ණය මුදල යොදවාගෙන ඇය විසින් තම හේනේ තුඹ කරවිල වගාවක් ආරම්භ කරන ලද අතර ඇයගේ ජීවිතයේ නව වෙනසකට ආලෝකයක් ගෙන දීමට එය මහඟු පිටුවහලක් විය. තුඹ කරවිල වගාව ඉතා හොඳින් සිදුකරගෙන ගිය අතරඒ අතුරින් ඉහළ ආදායමක් ලබා ගැනීමට ද ඇයට හැකියාවක් ලැබුණි. ඒ තුළින් ඇයට සැප් ශ්‍රී ආයතනයෙන් ලබා ගත් ණය මුදල සහ පොලිය නිවැරදිව ආයතනයට ගෙවා අවසන් කර ආර්ථිකය සංවර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් විය.
ඉන්පසුමා 2018 වර්ෂයේ රු.95000.00 ක ණය මුදලක් සැප් ශ්‍රී ආයතනයෙන් ලබා ගන්නා ලදී.එම මුදල යොදවාගෙන මාගේ නිවස බැද තිබුණත් කපරාරු කර නොතිබුණි. ඒ අනුව මාගේ නිවසේ අපට ජීවත්විය හැකිවන පරිදි එක් කොටසක් සම්පූර්ණයෙන් වැඩ අවසන් කර ගැනීමට මහඟු පිටුවහලක් විය. දැනට මා මාගේ දරුවන් සහස්වාමි පුරුෂයා සමග එම නිවසේ ජීවත්වන අතර ඒ වෙනුවෙන් කරන ලද උපකාරයන් වෙනුවෙන් සැප් ශ්‍රී ආයතනයට මාගේ කෘතඥතාවය පල කරසිටින්නෙමු.